EVENT NEWS 2026

ලුතිනන් කොමාණ්ඩර් තාරු රාජපක්‍ෂ විසින් රචිත නව කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

15 Sep 2026

ලුතිනන් කොමාණ්ඩර් (සිවිල් ඉංජිනේරු) තාරු රාජපක්‍ෂ විසින් රචිත ‘හෝමූස් & Dr. විල්සන්ගේ රහස් පරීක්‍ෂක කතා’ හාත්ස්‍යෝත්පාදක කෙටිකතා එකතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත පිළිගැන්වීම, අද දින (2026 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, ඔහුට අවේණික හාත්ස්‍යෝත්පාදක නිර්මාණාත්මක ලිවීමේ හැකියාව එහිදී නාවික හමුදාධිපති විසින් ඇගයීමට ලක් කරනු ලැබීය.

‘හෝමූස් & Dr. විල්සන්ගේ රහස් පරීක්‍ෂක කතා’ කෘතිය, ලොව සුප්‍රකට රහස් පරීක්‍ෂක කතා මාලාවක චරිත අනුකරණය කරමින්, ශ්‍රී ලංකාවේ රහස් පරීක්‍ෂක ආයතනයක් ආරම්භ කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වටා ගෙතුණ හාස්‍යෝත්පාදක කෙටි කතා එකතුවක් ලෙසින් ලුතිනන් කොමාණ්ඩර් (සිවිල් ඉංජිනේරු) තාරු රාජපක්‍ෂ විසින් නිර්මාණාත්මකව රචනාකර ඇත.

Accessibility Tools