මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදා දායකත්වය
2026 අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන තෙදින තුල, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහල විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා උතරු මැද නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ රුධිර සංචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, එම රෝහල විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා, උතරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා, තම්මැන්නා හා පුස්සදේව ආයතනයන්ගේ නාවික හමුදා පුද්ගලයන් පිරිසක් මෙලෙස දායක වූහ.
1 /
6













