EVENT NEWS › 2026

ජාතික සමුද්‍ර සම්පත් සතියට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

23 Sep 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය’ ජාතික වැඩසටහනට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් අද දින (2026 සැප්තැම්බර් 23) නැගෙනහිර, උතුර, උතුරු මැද සහ ගිනිකොණ නාවික විධාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය කොඩ් බේ වෙරළ තීරය ද, උතුරු නාවික විධානය මඟින් පේදුරුතුඩුව තොණ්ඩමනාරු වෙරළ තීරය ද, උතුරු මැද නාවික විධානය මඟින් මන්නාරම නඩුකුඩා වෙරළ තීරය සහ ගිනිකොණ නාවික විධානය මඟින් අම්පාර අක්කරෙයිපත්තු වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාව ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකෙරිණි.

Accessibility Tools