EVENT NEWS › 2026

ගංවතුරෙන් පීඩාවට පත් ගාල්ල මාපලගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නාවික හමුදා ආපදා මෙහෙයුම් තවදුරටත් සිදු කෙරේ

25 Sep 2026

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ප්‍රදේශය ජලයෙන් යට වී ඇති අතර, එම ප්‍රදේශය වෙත අනියුක්ත කර ඇති නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් අද දිනයේත් (2026 සැප්තැම්බර් 25) ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ලැබීය.

තවද, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා දකුණු පලාතේ තවලම, හිනිදුම, මාපලගම, දොඩංගොඩ, උඩුගම, නාගොඩ සහ හබරගොඩ යන ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හතක් (07) යොදවා ඇති අතර, ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති සුළු ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවගේ එදිනෙදා කටයුතු වෙනුවෙන් ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අවශ්‍ය සහය ලබා දෙනු ලැබීය.

Accessibility Tools