නාවික හමුදාව මඟින් ධීවර ප්‍රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මූලික ප්‍රථමාධාර හා ජීවිත ආධාර සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත්කිරීම වෙනුවෙන් සංවිධානය කළ පුහුණු වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 2 වන ත්‍රිකුණාමලය පූනච්චිමලේහිදී සහ සැප්තැම්බර් මස 15 වැනි දින ත්‍රිකුණාමලය කෝඩ්බේ ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ, විධාන වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කෙරිණි.
මෙම වැඩසටහන මඟින් මූලික ජීවිත ආධාර සහ ප්‍රථමාධාර සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව න්‍යායිකව හා ප්‍රායෝගිකව දැනුවත් කෙරුණු අතර, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘදයාබාධ ඇතුළු බෝ නොවන රෝග සඳහා පරීක්ෂා කිරීම සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම මෙන්ම, යහපත් මානසික සෞඛ්‍යය පිළිබඳවද ධීවර ප්‍රජාව දැනුවත් කෙරිණි.
තවද, මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාවේ කැපවීම අවධාරණය කෙරිණි.













