EVENT NEWS › 2026

ජාතික සමුද්‍ර සම්පත් සතියට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

24 Sep 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ‘ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතිය’ ජාතික වැඩසටහනට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් අද දින (2026 සැප්තැම්බර් 24) උතුර සහ ගිනිකොණ නාවික විධාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් පුන්ගුඩිතිව් දූපතේ ඌරතිව් වෙරළ තීරය, වෙත්තලකේනි අලියාවේලි, කල්මුණායි හා විනයාසෝඩි වෙරළ තීරයන් සහ ගිනිකොණ නාවික විධානය මඟින් අම්පාර ආරුගම්බේ වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් පාර්ශවයන් හා එක්ව මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සාර්ථකව සිදුකෙරිණි.

Accessibility Tools