නාවික හමුදා ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය ‘TECHNO - 2026’ හිදි ප්‍රදර්ශනය කෙරේ

16 Oct 2026

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘TECHNO – 2026’ ඉංජිනේරු සහ තාක්‍ෂණික ප්‍රදර්ශනය 2026 ඔක්තෝබර් මස 16 සිට 18 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කරමින් ‘TECHNO – 2026’ සඳහා නාවික හමුදාව සහභාගී වෙයි.

‘Engineering for a Resilient Nation’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉංජිනේරු වෘත්තිකයන්, කර්මාන්ත ‍ක්‍ෂේත්‍රයේ නියෝජිතයින්, අධ්‍යන ආයතන සහ තාක්‍ෂණික නවෝත්පාදකයන් හට ඉංජිනේරු විද්‍යා හා තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ දියුණු නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක් උදාකර දී ඇත.

මෙම ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව සහභාගි වීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු හැකියාවන් සහ තාක්‍ෂණික විශේෂඥතාවය ජාතික තාක්‍ෂණික සංවර්ධනය කෙරෙහි සිදුකල හැකි දායකත්වය පෙන්නුම් කෙරෙන අතර, ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම තුලින් ක්‍ෂේත්‍රයේ නව දැනුම, කුසලතා, පර්යේෂණ හා සංවර්ධන, නව තාක්‍ෂණයට අනුගත වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් නාවික හමුදාව වෙත ගෙන දීමටද අවස්ථාව උදාවනු ඇත.

තවද, ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ සහ සිවිල් ක්‍ෂේත්‍රයේ ඉංජිනේරු වෘත්තිකයන් අතර දැනුම හුවමාරුව සඳහා සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කෙරුණු මෙම TECHNO 2026 ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්වීම මඟින්; නවෝත්පාදන, වෘත්තීය සංවර්ධනය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා මෙන්ම, ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ කැපවීම විශේෂයෙන් අවධාරණය කරනු ලබයි.

Accessibility Tools