EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

29 Sep 2026

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කපිතාන් අශෝක වීරසේකර, අද දින (2026 සැප්තැම්බර් 29) කොළඹ බණ්ඩාරනායක ජැටියේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත පිළිගැනීමෙන් පසුව, එම නෞකාවේ අණදෙන නිලධාරී ධූරය හෙබවූ කපිතාන් අරෝෂ ජයතුංග විසින් නිල වශයෙන් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන සහභාගි විය.

2019 වර්ෂයේ ජූනි මස 06 වැනි දින අධිකාරියට පත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව, එතැන් සිට නාවික හමුදා නෞකා බලඇණියට අනුයුක්තව සමුද්‍රීය මෙහෙයුම් සඳහා අඛණ්ඩව දායක වෙයි.

Accessibility Tools