EVENT NEWS › 2026

රෝහල් සේවා කවුන්සිලය මඟින් වයඹ නාවික රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

24 Sep 2026

රෝහල් සේවා කවුන්සිලයේ සහ සිහසර පදනම හා ජනවිජය පෙරපාසල් ව්‍යාපෘතියෙහි අධ්‍යක්‍ෂ, පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන් විසින් වයඹ නාවික විධාන රෝහල සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රධානය කිරීමක් අද දින (2026 ‍සැප්තැම්බර් 24) එම විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මෙම වෛද්‍ය උපකරණ ප්‍රධානය සඳහා ඩිජිටල් රුධිර පීඩන මාපක තුනක් (03), ඩිජිටල් උෂ්ණත්වමාපක පහක් (05), ස්පන්දන ඔක්සිජන් මාපක දහයක් (10), පරිගණක දෙකක් (02), බර මනින යන්ත්‍ර තුනක් (03) සහ රෝද පුටුවක් (01) ඇතුළත්වු අතර, එම වෛද්‍ය උපකරණ භාර ගැනීම සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools