EVENT NEWS › 2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙයි

22 Sep 2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, Defense Threat Reduction (DTRA) ඒජනසියේ සහ ඇමරිකා එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ VOLPE Center හි නියෝජිතයින් පිරිසක් අද දින (2026 සැප්තැම්බර් 22) කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ සහ කොළඹ සමුද්‍රීය ගලවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ සහ කොළඹ සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය, ක්‍රියාකාරීත්වය සහ ධාරිතාව පිළිබඳව මෙන්ම, සමුද්‍රීය තොරතුරු හුවමාරුව, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව සහ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය පිළිබඳව එම නියෝජිත පිරිසෙහි අවධානය යොමු විය.

Accessibility Tools