EVENT NEWS › 2026

විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සැකසීමේ වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි

25 Sep 2026

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර රහසේ ප්‍රවාහනය හඳුනාගැනීම සහ වැළැක්වීම පිළිබඳ කාර්යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුළ සිදුවන විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස පොදු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් සකස් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා ලබා දීම වෙනුවෙන් 2026 සැප්තැම්බර් 21 සිට 25 දක්වා පැවති විශේෂිත වැඩමුළුව අද දින (2026 සැප්තැම්බ්ර් 25) කොළඹ දී සාර්ථකව අවසන් විය.

ඒ අනුව, මෙම වැඩමුළුව සඳහා නාවික හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය, වෙළඳ නෞකා අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ජාතික පාර්ශවකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් ‍පිරිසක් සහභාගී වූහ.

තවද, මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වීම මඟින්, ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව තුල න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර රහසේ ප්‍රවාහනය හඳුනාගැනීම සම්බන්ධ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා, සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික මගපෙන්වීමක් ලබා දීම සිදුකෙරුණු අතර, ඒ සඳහා අන්තර් ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමද සිදු කෙරිණි.

Accessibility Tools