EVENT NEWS 2026

ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

12 Sep 2026

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව, එම අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද දින (2026 සැප්තැම්බර් 12) උදෑසන දිවයිනෙන් පිටත්ව යෑම කොළඹ වරායේදී සිදු කෙරිණි.

තවද, නෞකාව දිවයිනේ රැදී සිටි කාලසීමාව තුල, එහි අණදෙන නිලධාරී කපිතාන් Marco GUERRIERO සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී පැවති අතර, නෞකාවේ කාර්යය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද එක්වූහ.

Accessibility Tools