මහව තිබ්බටුවැව ප්‍රදේශයේ තුවාල ලැබූ ඇත් පැටවෙකුට ප්‍රතිකාර කිරීම සඳහා නාවික හමුදා සහය

17 Aug 2026

මහව, තිබ්බටුවැව ප්‍රදේශයේදී තුවාල ලබා සිය රංචුවෙන් වෙන්ව සිටි ඇත් පැටවෙකුට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහය ලබාදීම 2026 අගෝස්තු මස 16 වන දින සිදු කෙරිණි.

ඒ අනුව, අදාළ ඇත් පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව කටයුතු කරන ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ සහයෝගයෙන් වනජීවීන් ඇතුළු ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා අඛණ්ඩව සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටියි.

Accessibility Tools