නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් පුත්තලම කලපු ප්‍රදේශයේදී නීතිය හමුවට පමුණුවයි

19 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කලපු ප්‍රදේශයේ, 2026 අගෝස්තු මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති හත් ලක්‍ෂ පනස් දහසක් (750,000) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නීතිය හමුවට පැමිණවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 අගෝස්තු මස 18 වැනි දින විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, නාවික හමුදා මෙහෙයුම හමුවේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සහ එහි තිබූ ඖෂධ පෙති තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

තවද, මෙම ඩිංගි යාත්‍රාව සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools