ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
2026 අගෝස්තු 12 වැනි දින රාත්‍රී කාලයේදී, තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.
අදාළ ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව (IMBL) පසුකර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී, මුහුදු පතුලට හානි සිදුකරන ‘Bottom Trawling’ ක්‍රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, භාරයට ගත් ඉන්දීය ධීවරයින් නවදෙනා සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිතය.
තවද, මන්නාරම් දූපත සහ ආදම්ගේ පාලම අවට පිහිටි මන්නාරම් බොක්කේ පරිසර පද්ධතිය ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත මුහුදු ජෛව විවිධත්ව හා සංරක්ෂණ කලාපයක් ලෙස සැලකේ. එබැවින් මෙම ප්‍රදේශය විශේෂ ධීවර කළමනාකරණ හා පාරිසරික ආරක්ෂණ රෙගුලාසි යටතේ සංරක්ෂණය කෙරෙන ප්‍රදේශයක් ලෙස පවතී.













