නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

03 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවේරියපුරම් වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 01 සහ 02 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය හා ථේරපුත්ත ආයතන වෙත ලද විශ්වසනීය තොරතුරු මත, කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවෙරියපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, සැකකටයුතු උර පහලොවක් (15) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස මෙරට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය හැත්තෑ හතකට (677) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දෙන ලදි.

Accessibility Tools