නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

02 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 01 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මීගමුව පොලීසිය හා එක්ව, මීගමුව බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, සැකකටයුතු උර පහක් (05) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය තිස් හතරකට (234) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.

Accessibility Tools