නීති විරෝධි ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් නීතියේ රැහැනට

30 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අනුරාධපුරය මාතලේ මංසන්දිය ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 29 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව, අනුරාධපුර පොලිසිය හා එක්ව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සන්තකයේ තබාගත් ඖෂධ පෙති හාරසියයක් (400) සමඟ වයස අවුරුදු 25ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools