නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කිලිනොච්චිය කිරන්චි ප්‍රදේශයේදි නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කිරන්චි වෙරළ ප්‍රදේශයේ අද දින (2026 අගෝස්තු 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ තෙප්පම් යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය අසුවක් (380) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි, කිරන්චි වෙරළ ප්‍රදේශයට පැමිණෙමින් තිබු තෙප්පම් යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර, බලපත්‍ර නොමැතිව ගොඩ බිම වෙත මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කිරන්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
1 /
6













