නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36ක් නීතිය හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2026 ජූලි මස 16 වන දින නිලාවේලි සල්පෙආරු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී, වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් සිව් දෙනෙකු (04) සහ ට්‍රැක්ටර් රථ දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගන්නා ලදි.
තවද, නාවික හමුදාව 2026 ජූලි මස 17 සිට 31 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙදෙනෙකු (32) සමඟ ඩිංගි යාත්‍රා දහ හතක් (17) සහ කැබ් රථයක් (01) නීතිය හමුවට පැමිණ වීමට කටයුතු කෙරිණි.
ත්‍රිකුණාමලය සල්පෙආරු, තුඩුව, පරවි දූපත, සූඩයිකුඩා, අලම්පිල්, චිලාවත්තායි, යාපනය කඩ්ඩයිකාඩු කෙවිල්, තලෙයිමන්නාරම වන්කාලපාඩු, කල්පිටිය ඉප්පන්තිව් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, ට්‍රැක්ටර් රථ, කැබ් රථය, තහනම් ධීවර ආම්පන්න සහ මුහුදු කුඩැල්ලන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, යාපනය, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.













