නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 02 ක් ඉලුප්පුකඩවායිහීදි නීතිය හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි අන්තෝනියපුරම් වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරදහස් නවසියයක (4,900) පමණ ප්‍රමාණයක් නීතිය හමුවට පමුණුවීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, ඉලුප්පුකඩවායි අන්තෝනියපුරම් වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ගොඩ බිම වෙත ප්‍රවාහනය කරමින් සිටි එම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගන්නා ලදි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 ක් සහ 39 ක් වයස ඇති ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දෙන ලදි.













