නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ එළුවන් 08ක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අදි දින (2026 නොවැම්බර් 09) පුත්තලම උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ එළුවන් අට දෙනෙකු (08) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම, උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවෙන් වලංගු බලපත්‍ර නොමැතිව, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටි, එළුවන් අටදෙනෙකු (08) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ එළුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.













