කොළඹ නාවික මහ රෝහල ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 හි රාජ්‍ය දෙපාර්තමේන්තු අංශයේ තෙවන ස්ථානයට හිමි සම්මානයක් දිනාගනියි
ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 හිදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ, ගම්පහ දිස්ත්‍රීක්කයේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙවන ස්ථානයට පත් රාජ්‍ය ආයතන එකොළහට ඇතුළත් වෙමින් එම කාණ්ඩයට අයත් ජාතික ඵලදායීතා සම්මානය දිනා ගැනීමට කොළඹ නාවික මහ රෝහල සමත් විය. 2026 නොවැම්බර් මස 08 වැනි දින, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදාන උත්සවයේදී, ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා විසින් වැඩ බලන කපිතාන් වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර), වෛද්‍ය කොමාණ්ඩර් ධනන්ජය කොඩිකුවක්කු වෙත කොළඹ නාවික මහ රෝහලට හිමි එම ඵලදායිතා සම්මානය පිරිනමණු ලැබීය.
කොළඹ නාවික මහ රෝහලෙහි රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාව, මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම, වෛද්‍ය උපකරණ හා සැපයුම් නිසි ලෙස කළමනාකරණය කිරීම, සෞඛ්‍ය ප්රමිතීන් පවත්වාගෙන යාම සහ කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යන අංශයන්ගේ ඵලදායීතාවය හේතුවෙන්, ජාතික ඵලදායිතා සම්මාන ඇගයීමේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ, ගම්පහ දිස්ත්‍රීක්කයේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙවන ස්ථානයට පත් රාජ්‍ය ආයතන එකොළහට ඇතුළත් වීමට කොළඹ නාවික මහරෝහලට අවස්ථාව උදා විය.
කොළඹ නාවික මහ රෝහලෙහි සේවාවන් ඉහල කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව මෙහෙයවීම වෙනුවෙන්; නායකත්වය, සේවාලාභින්ගේ අදහස්, සැලසුම් හා උපායමාර්ගික දැක්ම, මානව සම්පත් කළමනාකරණය, ක්‍රියාවලි සහ දැනුම් කළමනාකරණය, සංවිධානයේ ප්‍රතිඵල සහ ඵලදායී නවෝත්පාදන ව්‍යාපෘති යන නිර්ණායක මෙම ඵලදායිතා සම්මාන හිමිගැන්වීම සඳහා ප්‍රධාන ඇගැයීමේ නිර්ණායක විය.













