නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 61ක් නීතිය හමුවට

17 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 නොවැම්බර් මස 01 සිට 15 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හැට එක් දෙනෙකු (61) සමඟ ඩිංගි යාත්‍රා දහ අටක් (18) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය පොල්මල්කුඩා, නීලක්කේණී, කෝනේෂ්වරම්, කොකනට් පොයින්ට්, ෆවුල් පොයින්ට්, ෆ්ලෑග් ස්ටාෆ්, සල්ලිකොවිල්, මුලතිව් නයාරු, පුදුමාතලන්, මන්නාරම තාවුල්පාඩු, පේසාලෙයි, ඌරුමලෙයි, පුත්තලම නොරොච්චෝලෙයි සහ කරුකපනේ යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුරු මැද සහ වයඔ නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදුකරනු ලැබීය.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ඊච්චලම්පත්තු, කොඩ්බේ, මුලතිව්, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත හා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools