විදේශීය නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

01 Nov 2026

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මාෂල් දූපත් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ “MV SPIRIT OF TOKYO” (IMO 9761231) යන භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුලදී අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේද සහයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට අද දින (2026 නොවැම්බර් 01) අළුයම් කාලයේදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, මෙරට සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුල යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු එම නෞකාවේදී හදිසි අනතුරකට ලක්ව ඔහුගේ හිසෙහී නලල ප්‍රදේශයට තුවාල සිදුවී අසාධ්‍යව ඇති බවත්, එම රෝගියා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසත්, එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකෙරිණි.

ඒ අනුව, එම දැනුම් දීමට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගියා වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් එම නෞකාව වෙත සන්නිවේදනය කරනු ලැබීය. අද දින (2026 නොවැම්බර් 01), නෞකාව වෙතින් රෝගියා ගාලු වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසුව, දකුණු නාවික විධානය වෙතින් පී 451 යාත්‍රාව යොදවා රෝගියා ගොඩබිමට රැගෙනවිත්, මෙලෙස වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කෙරිණි.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ මෙන්ම , යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාප තුල ද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.

Accessibility Tools