මුහුදේ ආපදාවට පත් ධීවරයින් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩව මෙහෙයුම්

01 Nov 2026

2026 ඔක්තෝබර් මස 21 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් සිව් දෙනෙකු (04) සහ 2026 ඔක්තෝබර් මස 26 වැනි දින චලෙයි ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් තිදෙනෙකු (03) සොයා නාවික හමුදාව ආරම්භ කල සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම අද දිනයෙත් (2026 නොවැම්බර් 01) නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, දකුණු, උතුරු සහ නැගෙනහිර නාවික විධාන වෙත අනුයුක්ත නාවික හමුදා නෞකා හා යාත්‍රා මෙම සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවා ඇති අතර, එම මුහුදු තීර ආවරණය වන පරිදි තවදුරටත් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතියි.

Accessibility Tools