විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.
එමෙන්ම, පසුගිය 2026 නොවැම්බර් 05 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 132කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 57කට අධික තොගයක් සමඟ දේශීය බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.
තවද, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2773 කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2130 කට අධික තොගයක් සමඟ රුපියල් බිලියන 114කට අධික දල වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.
නාවික හමුදාව 2026 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 73කට අධික දල වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.













