නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

20 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පල්අඩි හා සින්නමුක්කරෙයි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව අද දින (2026 නොවැම්බර් 20) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැටක (460) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කප්පල්අඩි හා සින්නමුක්කරෙයි වෙරළ ප්‍රදේශයන්හී තිබූ සැකකටයුතු උර දොලහක් (12) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය හැටක (460) පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව ඇත.

Accessibility Tools