නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත් මුක්කු තූල් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

03 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්මුනේ සුරබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව කල්මුණයිකුඩි ප්‍රදේශයේ අද දින (2026 නොවැම්බර් 03) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස සන්තකයේ තබාගත් කංසා සහ දුම්කොළ මිශ්‍රනයෙන් මාදන ලද බවට සැකකෙරෙන මුක්කු තූල් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව, කල්මුනේ සුරාබදු කාර්යාලය හා එක්ව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කෙරිණි, එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ඇසුරුම් අනු හතරක (94) තිබූ මුක්කු තූල් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හයකට (06) අධික තොගයක් සමඟ එම සැකකරුවෙක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන කල්මුනේ කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ මුක්කු තූල් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුනේ සුරබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools