මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන එයි

04 Oct 2026

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී 2026 ඔක්තෝබර් මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනා (09) අද දින (2026 ඔක්තෝබර් 04) උදෑසන කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට තටයුතු කෙරිණි.

ඒ අනුව, ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් මෙම ධීවර යාත්‍රාව සහ ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත‍.

Accessibility Tools