අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත්වන ජනතාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාව සීරුවෙන්

27 Oct 2026

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් තබා ඇති අතර, අද දින (2026 ඔක්තෝබර් 27) වන විට ආපදා සහන කණ්ඩායම් දහහතක් (17) සබරගමුව, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් තුල ස්ථානගත කර ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින්; රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් (03) ද, යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02) ද, මීතොටමුල්ල, නාවලපිටිය, ගම්පොල, මහියංගනය යන ප්‍රදේශයන්හී එක් කණ්ඩායම බැගින් කණ්ඩායම් හතරක් (04) ද ස්ථානගත කර ඇත.

එමෙන්ම, වයඹ නාවික විධානය මඟින්; පුත්තලම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02) ද, නිකවැරටිය, කුරුණෑගල සහ නීලබැම්ම ප්‍රදේශයන් වෙත එක් කණ්ඩායම බැගින් කණ්ඩායම් තුනක් (03) ද, දකුණු නාවික විධානය මඟින්; තවලම ප්‍රදේශයේ එක් (01) කණ්ඩායමක් ද ස්ථානගත කර ඇති අතර, නැගෙනහිර නාවික විධානය මඟින් දිගන්පතාන ප්‍රදේශයේ ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ද, අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇත.

Accessibility Tools