අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත්වන ජනතාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාව සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් තබා ඇති අතර, අද දින (2026 ඔක්තෝබර් 22) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් තුනක් (03) සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්රීක්කය වෙත අනුයුක්ත කරනු ලැබීය.
ඒ අනුව, අවශ්යතාවය මත යෙදවීම සඳහා බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනය මඟින්, රත්නපුර නව නගරයේ ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කර ඇත.
1 /
6













