නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් කල්පිටිය තලවිල මුහුදේදී නීතියේ රැහැනට

13 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2026 ඔක්තෝබර් 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර විසි හයක් (26) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, එම උර තුල අසුරා තිබූ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් එක්දහස් එකසිය අසූනවයකට (1,189) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගත් අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව ඇත.

Accessibility Tools