අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 475කට අධික තොගයක් තලල්ල නාඔටුන්න වෙරළේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි අද (2026 ඔක්තෝබර් 24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝ ග්රෑම් හාරසිය හැත්තෑ පහකට (475) අධික තොගයක් අඩංගු උර සහ ගමන්මලු විසි එකක් (21) නාඔටුන්න වෙරළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, නාඔටුන්න වෙරළතීරයේ තිබූ මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර දහයක් (10) සහ ගමන් මලු එකොළහක් (11) සමඟ, එම මත්ද්රව්ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්රව්ය තොගයෙහි පාර්සල් දෙසීයක (200) අසුරන ලද අයිස් මත්ද්රව්ය (Crystal Methamphetamine) කිලෝග්රෑම් දෙසීයකට (200) අධික තොගයක් සහ පාර්සල් දෙසීය හැත්තෑපහක (275) අසුරන ලද හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් දෙසීය හැත්තෑ පහකට (275) අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම මත්ද්රව්ය තොගය නිරික්ෂණය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ගරු ආනන්ද විජේපාල මහතා, නියෝජ්ය ආරක්ෂක අමාත්ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන යන ජ්යෙෂ්ඨ නිලධාරින් සමඟ සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්ය ආරක්ෂක අමාත්යතුමා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමඟාමීව, ‘රටම එකට’ මත්ද්රව්ය ව්යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් සමුද්රීය කලාපය ආවරණය වන පරිදි තීව්ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝ ග්රෑම් හාරසිය හැත්තෑ පහකට (475) අධික තොගයක් අඩංගු උර සහ ගමන්මලු 21ක් සමඟ ඩිංගි යාත්රාවක් නාඔටුන්න වෙරළේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසන ලදි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන අනූ හතකට (97) දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පැවසූ ආරක්ෂක නියෝජ්ය අමාත්යතුමා, නාවික හමුදාව; වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්රව්ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති බැවින්, රටතුලට මත්ද්රව්ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කරන ලදි.
එමෙන්ම, මත් ද්රව්ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන වෙත ක්ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි එතුමා, මත්ද්රව්ය ව්යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය ඇගයීමද එහිදී සිදුකරනු ලැබීය.
තවද, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන හා බුද්ධි අංශ සමඟ සහයෝගීව මෙරටින් මත්ද්රව්ය උවදුර පිටු දැකීම වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.













