විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් අළෙවි කිරීමට උත්සාහ කල සැකකරුවෙක් නීතියේ රැහැනට

16 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ කොටුව රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට ප්‍රදේශයේ 2026 ඔක්තෝබර් මස 15 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිරිහාන දිසා අපරාධ විමර්ශන ඒකකය හා එක්ව සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල ඉලෙක්ට්‍රොනික දුම්වැටි තිහක් (30) සමඟ එම සැකකරු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools