ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව එක්ව 2026 සැප්තැම්බර් මස 14 සිට 19 දක්වා ක්‍රියාත්මක කල ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විධාන මට්ටමින් දායක විය.
ඒ අනුව, පවත්නා කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු වසංගත අවදානම ඇති විය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 62ක් ආවරණය කරමින් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ යටතේ කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර සහ යාපනය දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සිදුකෙරුණු ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයින් දහසකට (1000) අධික පිරිසක් සහභාගී වුහ.
1 /
6













