මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරඟාවලියේදී, ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමෙන් සැරසීමට නාවික හමුදා දායකත්වය
2026 ජූලි මස 22 සිට 29 දක්වා පකිස්ථානයේ පැවති 2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පිරිමි වොලිබෝල් කණ්ඩායම සමස්ත තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වු අතර, මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා පිරිමි වොලිබෝල් සංචිතයට අනුයුක්ත සාමාන්‍ය නැවි ජී තිලගරාජා යන ක්‍රීඩකයා සහභාගී විය.
රටවල් හයක් (06) නියෝජනය කරමින් පැවැති මෙම තරඟාවලියේ තෙවන (03) ස්ථානය තෝරා ගැනීමේ තරඟය සඳහා ප්‍රබල උස්බගිස්ථානය සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර, තියුණු තරඟයකින් පසුව තරග වට 3-2 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා වශයෙන් ක්‍රීඩා කරනු ලැබූ සාමාන්‍ය නැවි ජී තිලගරාජා ගේ දක්ෂ ක්‍රීඩා කෞශල්‍යය විශේෂයෙන් කැපී පෙනුණු අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවටද මහත් ගෞරවයක් හා කීර්තියක් හිමි කර දීමට සමත් විය.













