14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
2026 සහ 2027 වර්ෂයන්ට අදාල 14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ විධායක කමිටු සහ පොදු කමිටු රැස්වීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි මස 19 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විය.
ඒ අනුව, මෙහිදි 14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් ඉදිරියේදි පැවැත්වීමට නියමිත ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සංවිධානය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර, ත්‍රිවිධ හමුදා පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීම, අන්තර් සේවා ක්‍රීඩා සබඳතා ශක්තිමත් කිරීම සහ ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සාර්ථව පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා විය.
එසේම, ලෝක හමුදා තරඟ සහ සම්මන්ත්‍රණ සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරිණි. තවද, මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වි සිටියහ.













