SPORT NEWS › 2026

අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වේ

13 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2026 නොවැම්බර් මස 08 වැනි දින සිට 12 වැනි දින දක්වා වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් හා කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත්විය.

නාවික විධාන නියොජනය කරමින් පැමිණි පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ අවසන් තරඟයේ පිරිමි අනුශූරතාවය පුහුණු විධානය වෙත සහ කාන්තා අනු ශූරතාවය දකුණු නාවික විධානය වෙත හිමිවිය. තරඟාවලියේ පිරිමි නවක අංශයේ ශූරතාවය ශිෂ්‍ය භට නිලධාරී එස්එම්සීඑස් ශ්‍රීරාම් විසින් හා එහි අනුශූරතාවය නායක ශාරීරික අශ්‍යාසක ඩබ්ඒඑස්අයි විජේසිංහ විසින්ද, කාන්තා නවක අංශයේ ශූරතාවය සාමාන්‍ය නැවි කාන්තා පීඑස්වයි ධර්මවංශ විසින් හා එහි අනුශූරතාවය සාමාන්‍ය නැවි කාන්තා ඩීඩබ්ඒඑන්එන් විජේසිංහ විසින් දිනාගැනීමට සමත්විය.

විවෘත පිරිමි යුගල අංශයේ ශූරතාවය කපිතාන් ජේඒඑන් ද සිල්වා විසින් හා බල ශාරීරික අභ්‍යාසක ඩීඑම්ආර්එම් බණ්ඩාර විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් අනුෂ්ක අලහකෝන් සහ ලුතිනන් මිරෝන් ප්‍රනාන්දු විසින්ද, දිනාගන්නා ලද අතර, විවෘත කාන්තා යුගල අංශයේ ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක කාන්තා ඒජීඒසී විජේරත්න හා නායක ශාරීරික අභ්‍යාසක කාන්තා ජීජීඑස් දමයන්ති විසින්ද, එහි අනුශූරතාවය තොරතුරු තාක්‍ෂණ (කාන්තා) ජීඑච්ජීඒ මදුශානි හා සාමාන්‍ය නැවි (කාන්තා) ටීටීඕ විමලරත්න විසින්ද දිනාගනු ලැබීය.

තරඟාවලියේ, විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාවය ලුතිනන් මිරෝන් ප්‍රනාන්දු විසින් සහ එහි අනුශූරතාවය බල ශාරීරික අභ්‍යාසක ඩීඑම්ආර්එම් බණ්ඩාර විසින්ද, විවෘත කාන්තා ඒකල අංශයේ ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක (කාන්තා) ඒජීඒසී විජේරත්න සහ එහි අනුශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක (කාන්තා) ජීජීඑස් දමයන්ති විසින්ද දිනාගන්නා ලදි.

එමෙන්ම, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් අනුෂ්ක අලහකෝන් හා කොමාණ්ඩර් සංජීව බන්නැහැක විසින්ද, එහි අනුශූරතාවය වෛද්‍ය කොමාණ්ඩර් චන්දන වික්‍රමාරච්චි හා ලුතිනන් කොමාණ්ඩර් සුරේෂ් කුමාර විසින්ද දිනා ගත් අතර, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් අනුෂ්ක අලහකෝන් විසින් සහ අනුශූරතාවය කොමාණ්ඩර් සංජීව බන්නැහැක විසින්ද දිනාගන්නා ලදි.

වයස අවුරුදු 50 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමදෝරු එම්ඒඩීඩීඑම් පියතිලක හා ලුතිනන් කොමාණ්ඩර් ප්‍රියදර්ශන විජේරත්න විසින්ද, එහි අනුශූරතාවය කොමදෝරු ඉන්දික එදිරිසිංහ හා කොමදෝරු ප්‍රියන්කර දිසානායක විසින්ද දිනාගන්නා ලදි. වයස අවුරුදු 50 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් ප්‍රියදර්ශන විජේරත්න විසින්ද එහි අනුශූරතාවය කොමදෝරු ප්‍රියන්කර දිසානායක විසින්ද දිනාගන්නා ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වි සිටියහ.

Accessibility Tools