පොදුරජ්‍ය මණ්ඩල කබඩි ශූරතාවලියේ රිදී සහ ලෝකඩ පදක්කම් මව් බිමට දිනා දීමට නාවික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායක වෙයි
පොදුරජ්‍ය මණ්ඩල කබඩි ශූරතාවලිය 2026 ඔක්තෝබර් මස 23 සිට 31 දක්වා ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා ක්‍රීඩකයින් එම ශූරතාවලියේ පිරිමි අංශයේ රිදී පදක්කම සහ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම මව්බිමට දිනා දීමට දායක විය.
ඒ අනුව, කබඩි පිරිමි ශූරතාවලිය සඳහා බල නැවි කේජී හසන්ත සහ සාමාන්‍ය නැවි එස්එම් සබිහාන් සහභාගී වු අතර, කාන්තා කබඩි ශූරතාවලිය සඳහා නායක නැවි කාන්තා ඒපීඑම් හංසමාලි, බල නැවි කාන්තා ආර් ප්‍රියවර්ණා, බල නැවි කාන්තා පි මදුෂානි සහ බල නැවි කාන්තා එස්එච්යුවී ජයවීර සහභාගී වුහ.
තවද, සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමින් පොදුරජ්‍ය මණ්ඩලීය කබඩි පිරිමි රිදී පදක්කම සහ කාන්තා ලෝකඩ පදක්කම මවු බිමට දිනා දීමට දායක වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2026 නොවැම්බර් මස 02 වන දින දිවයිනට පැමිණි අතර, එම කණ්ඩායම පිලිගැනීම නාවික හමුදා ක්‍රීඩා අධ්යක්ෂකයේ භාණ්ඩාගාරික, ලුතිනන් කොමාණ්ඩර් ශෂික බණ්ඩාර විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකරනු ලැබීය.













