SPORT NEWS › 2026

‘Eagles’ Monsoon Cup – 2026’ ගොල්ෆ් තරඟාවලියේදී නාවික හමුදාව විශිෂ්ට දස්කම් දක්වයි

02 Nov 2026

‘Eagles’ Monsoon Cup – 2026’ ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා Eagles’ Golf Links පිටියේදී 2026 ඔක්තෝබර් 31 සහ නොවැම්බර් මස 01 යන දෙදින තුල ගුවන් හමුදාවේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා ත්‍රිවිද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහ ගොල්ෆ් ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තරඟ වදිනු ලැබූ අතර, මෙම තරඟාවලියේදී නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින් විශිෂ්ට දක්ෂතා දක්වමින් කුසලාන දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, කොමදෝරු මංගල මුම්මුල්ලගේ විසින් ආරක්‍ෂක අංශයේ අනුශූරතාවද, කොමදෝරු මංජුල පියතිලක විසින් ‘Nearest to the Pin’ තරඟ ඉසව්වේ කුසලානය සහ කපිතාන් තුසාර මහේෂ් විසින් ‘Longest Drive’ තරඟ ඉසව්වේ කුසලානය දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් රොහාන් ජෝසප් ඇතුළු ත්‍රිවිද හමුදා නිලධාරින් පිරිසක් සහභාගී විය.

Accessibility Tools