SPORT NEWS › 2026

බේස්බෝල් ජාතික කාන්තා ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදාවට

02 Nov 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය හා එක්ව සංවිධානය කළ, බේස්බෝල් ජාතික කාන්තා ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ අවසන් තරඟය 2026 ‍ඔක්තෝබර් මස 31 වැනි දින කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනූව, ත්‍රිවිධ හමුදාව ඇතුළුව දිවයිනේ ප්‍රකට බේස්බෝල් කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන්, 2026 සැප්තැම්බර් 12 සිට ආරම්භ කරන ලද, මෙම බේස්බෝල් ජාතික කාන්තා ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේදී, කණ්ඩායම් හයක් (06) අතරින් නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 15 – 03 ක් වශයෙන් ලබා ගනිමින් මෙලෙස එහි අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත් විය.

තවද, මෙහි කුසලාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල නියෝජිතයින්, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.

Accessibility Tools