SPORT NEWS 2026

අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි

17 Sep 2026

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2026 සැප්තැම්බර් මස 09 සිට 16 දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ස්කොෂ් ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියෙහි සමස්ත පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය සඳහා සහභාගි වූ අතර, තරඟාවලියේ පිරිමි නවක අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එස් එරන්ග විසින් හා එහි අනුශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් පීඒවයි සංකල්පන විසින් දිනාගැනීමට සමත් වූ අතර, කාන්තා නවක අංශයේ ශූරතාවය සාමාන්‍ය නැවි (කාන්තා) එච්ඒටීඩී කුමාරි විසින් හා එහි අනුශූරතාවය සාමාන්‍ය නැවි (කාන්තා) එම්ඩබ්එච්කේ ද සිල්වා විසින් දිනා ගැනීමට සමත්විය.

පිරිමි වයස අවුරුදු 35 ට වැඩි අංශයේ ශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක එම්එච්අයි බුද්ධික විසින් ද, පිරිමි වයස අවුරුදු 40 ට වැඩි අංශයේ ශූරතාවය ප්‍රධාන සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ඩබ්ජීඩී ප්‍රියදර්ශන විසින් සහ එහි අනුශූරතාවය කොමාණ්ඩර් පීආර්පීඩී දයාරත්න විසින් දිනාගන්නා ලදි.

මෙම තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක එම්එච්අයි බුද්ධික විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් ද, කාන්තා විවෘත අංශයේ ශූරතාවය බල නැවි (කාන්තා) එච්එම්එස්ඕබී හේරත් විසින් සහ එහි අනුශූරතාවය බල ශාරීරික අභ්‍යාසක (කාන්තා) එච්ජීඑන්වී රාජපක්‍ෂ විසින් ද දිනාගන්නා ලදි.

එමෙන්ම, විවෘත පළිහ අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එම්එම් උදන්ත විසින් ද එහි අනුශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් එස්පීවයිඩීඒ සුභසිංහ විසින් දිනාගන්නා ලද අතර, නැගී එන ක්‍රීඩකයා වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් පීඒවයි සංකල්පන එහිදී සම්මාන හිමි කර ගැනීමට සමත්විය.

තවද, තරඟාවලියේ සමස්ත පිරිමි සහ කාන්තා අනුශූරතා දකුණු නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත් විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් නිමල් රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගිවී සිටියහ.

Accessibility Tools