SPORT NEWS › 2026

2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

21 Sep 2026

2026 ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය, 2026 සැප්තැම්බර් මස 19 සහ 20 දෙදින මීගමුව සරක්කු වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ‘A’ සහ ‘B’ යන කණ්ඩායම් ඇතුළුව දිවයිනේ ප්‍රකට වෙරළ වොලිබෝල් කණ්ඩායම් හයකගේ (06) සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේදී, නාවික හමුදා කාන්තා ‘A’ කණ්ඩායම සහ ‘ඔමේගා ලයින්’ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා තේරීපත් විය. අවසන් මහා තරඟයේදී නාවික හමුදා කාන්තා ‘A’ කණ්ඩායම නියෝජනය කළ බල නැවි (කාන්තා) ඩබ්එස් අසංගා සහ සාමාන්‍ය නැවි (කාන්තා) ඩීඵම්කේකේ දිසානායක යන නාවිකයින් දෙදෙනා තරඟ වට 1-2ක් ලෙස තියුණු තරඟයකින් පසු මෙලෙස නාවික හමුදාව වෙත 2026 වෙරළ වොලිබෝල් කාන්තා අනුශූරතාවය දිනා දීමට සමත්විය.

තවද, ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති අවසන් මහා තරඟ අවස්ථාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සමාජික හා ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් සංචිතයේ ලේඛම් කොමාණ්ඩර්, කේඑස්එම් සිල්වා සහභාගි විය.

Accessibility Tools