‘Sandy Bay Cup Golf Tournament - 2026” ත්‍රීකුණාමලයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘Sandy Bay Cup Golf Tournament - 2026” තරඟාවලිය ත්‍රීකුණාමලය සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2026 අගෝස්තු මස 29 සහ 30 යන දෙදින තුල සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් අතර ක්‍රීඩාශීලිත්වය, ශාරීරික යෝග්‍යතාවය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ Longest Drive හා Novices Winner යන කුසලාන ද්විත්වය ගුවන් විදුලි කාර්මික ඩිඑම්එස්අයි ගුණවර්ධන විසින් සහ Nearest to the pin කුසලානය ගුවන් විදුලි කාර්මික ඩබ්එම්එස්එන් වන්නිනායක විසින් දිනා ගැනීමට සමත් විය.
Net Runners Up හා Sandy Bay Cup Winner යන කුසලාන ද්විත්වය නායක ශාරීරික අභ්‍යාසක යුකේඑස් මදුෂංක විසින්ද, Net Winner කුසලානය කපිතාන් ජේඑච්අයිටී ජයවර්ධන විසින්ද, Gross Runners Up කුසලානය බල නැවි කේපීසිආර් කුමාර විසින් සහ Net winner (Retired) ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්ආර්සී රත්නායක විසින් දිනා ගැනීමට සමත් විය.
තවද, මෙහි ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර හා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ ලේකම් කොමදෝරු එම්ඒඩීඩීඑම් පියතිලක ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.













