සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 07) අළුයම මුලතිව් අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශ...

2023-08-07

කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 06 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආ...

2023-08-07

රුපියල් මිලියන 75 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පොන්නාලෛයි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 05 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය විසිහතකට (227) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ලොරි රථයක් (01) නීත...

2023-08-06

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි සහ ලංකාපටුන වෙරළ ප්‍රදේශයන්හි 2023 අගෝස්තු මස 03 සහ 04 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නී...

2023-08-05

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 75 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ අද දින (2023 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ ක...

2023-08-04

නාවික හමුදාධිපති කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයක් සඳහා සහභාගී වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 03 වන දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහභාගී වී, එම දේවස්ථානය භාර මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමා බැහැදැක ආශිර්වාද ...

2023-08-04

ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලි පොලීසිය හා එක්ව, ත්‍රීකුණාමලය ජයනගර් ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයෙහි 2023 ජුලි මස 31 සහ 2023 අගෝස්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම ප්‍රදේශයන්හී සූක්‍ෂම ‍ලෙස සඟවා තිබ...

2023-08-04

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 අගෝස්තු මස 02 සහ 03 යන ‍දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලද අතර, නාව...

2023-08-04

12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුලි මස 25 වන දින සිට 28 වන දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියෙහි පිරිමි ශුරතාවය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...

2023-08-02

දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිර...

2023-08-02

වත්තල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා සහය

වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේ නිවසක අද දින (2023 අගෝස්තු 01) අළුයම් කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි....

2023-08-01

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 29 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 31) දිව...

2023-07-31

වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 51 ක් යාපනය අරියාලෛ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අරියාලෛ ප්‍රදේශයෙහි 2023 ජුලි මස 29 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අරියාලෛ වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 51 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2023-07-30

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දු ශාන්තිකර කලාපයේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් 2023 ජුලි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍ර...

2023-07-29

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 29) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-29