වැදගත් සිදුවීම්

නාවික නිවාස සංකීර්ණය ආරක්ෂක රාජ්‍ය ඇමති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුර තුළ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකීර්ණය අද (18) උදෑසන යෙදුනු සුභ මොහොතින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා විසින් විවෘත කෙරිණි.

18 Dec 2015

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් ඒමී සියරයිට් මහත්මිය අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Dec 2015

නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (18) විවෘත කෙරිණි.

18 Dec 2015

නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊයේ (17) පැවැත්වුණි.

18 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා අද (17) නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහාය ලබා දෙන ලදී.

17 Dec 2015

බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද බ්‍රිතාන්‍ය නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක, කපිතාන් ස්ටුවට් බෝර්ලන්ඩ් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Dec 2015

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි.

14 Dec 2015

ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් පිරිසක් විසින් ගෝන මස් කිලෝග්‍රෑම් 90 ක් සමග පුද්ගලයෙකු කරුවලකුඩා ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.

14 Dec 2015

කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

12 Dec 2015

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී දෙසැම්බර් මස 12 වන දින පැවැත්විණි.

12 Dec 2015