වැදගත් සිදුවීම්

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, “විජය” නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 6 වන දින උඩප්පුව සහ මාන්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

08 Feb 2016

නාවික හමුදාධිපති අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් හමුවෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පරීක්ෂණයට සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඒ සඳහා සහභාගී වූ විදෙස් නාවික හමුදාවන් හි ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සුහද සාකච්ජාවන් පැවැත්විය.

07 Feb 2016

2016 ඉන්දීය නෞකා පිරික්සුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව එක්වෙයි
 

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික පුද්ගලයින් 275 දෙනෙකු සහභාගී වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව එක්ව සිටියි.

07 Feb 2016

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි.

05 Feb 2016

නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

05 Feb 2016

ඉන්දියාවේ පැවැත්වෙන 2016 ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති දිවයිනෙන් පිටත්ව යයි

පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (5) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.

05 Feb 2016

නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

04 Feb 2016

68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
 
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.

04 Feb 2016

ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Feb 2016

රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
 

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.

03 Feb 2016