වැදගත් සිදුවීම්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

20 Jun 2016

අනතුරට පත් කැස්බෑවුන් ‍සිව් දෙනෙකු බේරා ගැනේ
 
 

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 18 වන දින මාළු දැලක පැටලී සිටි කැස්බෑවන් සිව් දෙනෙකු බේරා නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදී.

20 Jun 2016

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් “පර්ත් ” නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාව අද (19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

19 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් සම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සම්පුර් ප්‍රදේශයේ නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Jun 2016

කපිතාන් අරුණ තෙන්නකෝන් විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නමැති අත්පොත නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ

කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නැමති නාවික අත්පොතෙහි පළමු පිටපත අද (17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

17 Jun 2016

පුත්තලම කොහු කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපැවැත්විමට නාවික හමුදා සහය
 

පුත්තලම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් පුත්තලම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පසුගිය 15 වන දින මදුරන්කුලිය ප්‍රදේශයේ කොහු කාර්මාන්ත ශාලාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා එක්විය.

17 Jun 2016

නාවික පුද්ගලයින්ගේ දුවාදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

නාවික රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

17 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පුංකුඩුතිව් දූපතට ගිණිකොන දෙසින් වූ ‍මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (16) අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ සංචාරයක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (15) උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය.

16 Jun 2016