ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදා කිමිදුම් අංශය සඳහා අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක් කොළඹ ලයිට් හවුස් අවන් හලේදී අද (29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදී.
වැඩිදුර කියවන්න >
29 Mar 2017
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘කොම්ස්ටොක්’ යුද නෞකාව දින 4 ක පුහුණු සංචාරයක් සඳහා ඊයේ (27) කොළඹ වරායට සේන්දු විය.
28 Mar 2017
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව කළ වැටලීමකදී අද (28) කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අධ්‍යක්ෂ සාගරික ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ, එම්බීඒ, බීඑස්සී (ඉංජි) , සීඊඑන්ජී, එම්අයිඊ (ශ්‍රී ලංකා) මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.
27 Mar 2017
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තංගල්ල පරණ උසාවි ගොඩනැගිල්ල නවීකරනය කරමින් ස්ථාපනය කරන ලද නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (26) ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් සපයන ලද තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) වැල්වැටිතුරේයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.